අධික උණුසුමෙන් කලාවැවේ මසුන් දහස් ගණනක් මිය ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අධික උණුසුමෙන් කලාවැවේ මසුන් දහස් ගණනක් මිය ගිහින්

අධික උණුසුමෙන් කලාවැවේ මසුන් දහස් ගණනක් මිය ගිහින්

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශ වලට බලපා ඇති දැඩි උණුසුම් දේශගුණික තත්ත්වය හේතුවෙන් කලාවැවේ මසුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

 

මියගිය මත්ස්‍යයින් නාන තොටුපළ සහ රළපනාව ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් දැකගත හැකි වන අතරම් මෙලෙස මත්ස්‍යයින් එකවර විශාල ගණනක් මිය යාමක් සිදුව ඇත්තේ වසර ගණනාවකට පසුව බවද සඳහන් වේ.

 

මසුන් මියයාම හේතුවෙන් කලා වැව අවට දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරය මගින් මේ වන විට වැවේ ජල තත්ත්ව පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය සාම්පල රැස් කිරීම ද සිදු කර ඇති බව සඳහන් වේ.

 

මේ අතර මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ අතරතුරදී ඊයේ (15) සවස කලා වැව ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර් 55 ක පමණ වැස්සක් පතිත වූ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසා සිටී.

 

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පැයක පමණ කාලයක් පැවති මෙම වැස්සත් සමග අයිස් කැටද ප්‍රදේශයට පතිත වූ බවයි.

views

275 Views

Comments

arrow-up