චීනයට යවන්න ඇති තරම් රිලවු කෑගල්ලෙන්

රිලව් ලක්ෂයක් චීනයට ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් වැඩි කොටසක් කෑගල්ල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලෙස එම ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් ඉල්ලා සිටින බව වාර්තා වේ.
ලක්ෂ අටක පමණ ජනගහනයක් වෙසෙන කෑගල්ල දිස්ත්‍රික්කය පුරා මිනිසුන් අටට රිලවු එකක් වශයෙන් විශාල රිලා ජනගහනයක් වෙසෙන බවත්, මෙම රිලා රංචු ප්‍රදේශයේ පොල් වගාව, කෙසෙල් වගාව ඇතුළු සියළු වගාවන්ට විශාල වශයෙන් හානි සිදුකරමින් සිටින බවත් එම පිරිස කියා සිටී.
ඇතැම් ප්‍රදේශ වල සිටින විශාල රිලවු රංචු ආහාර හිඟ වීම නිසා නිවාස වලට පැන බත් මුට්ටි පවා රැගෙන යන බවත් පැවසෙන අතරම් මෙම ගැටළුවට සහනයක් ළඟා කර දෙමින් හැකි පමණක් රිලවුන් අල්ලාගෙන යන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
255 Views
Comments