APR
16
අවුරුදු කන්න ගිය රියදුරන් ඇවිත් නෑ දුම්රිය ගමනරවාර රැසක් අවලංගුයි

අලුත් අවුරුදු නිවාඩු ලබා සිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (16) උදෑසන සිට මේ දක්වා දුම්රිය ගමන් වාර 30 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබෙන බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද රාත්‍රිය වන විට මෙම ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
මේ හේතුවෙන් අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ජනතාව අපහසුතාවයට පත්වී සිටින බවද වාර්තා වේ.
249 Views
Comments