ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රතිත්‍රස්ත පනත හෙළා දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රතිත්‍රස්ත පනත හෙළා දකී

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රතිත්‍රස්ත පනත හෙළා දකී

ශ්‍රී ලංකාවේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත මුළුමනින්ම හෙළා දකින බවට ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කොට සිටී.

 

මෙම පනත මගින් නිසැකවම මෙරට ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට එම සංවිධානයේ ආසියානු කලාපීය උපදේශක, අධ්‍යක්ෂ කැරොලින් නාෂ් මහත්මිය පෙන්වා දෙන අතර, ඇමරිකාව ශ්‍රී ලංකා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් මෙම පනතට එරෙහිව පවතින විරෝධතාවලට සහාය දැක්විය යුතු බව ඇය තරයේ කියා සිටී.

 

මෙම පනතට විරෝධය පළකරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත නිල දැනුම් දීමක් සිදුකළ යුතු බව ද  කැරොලින් නාෂ් මහත්මිය අවධාරණය කොට සිටී.

views

262 Views

Comments

arrow-up