අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද සිසුන්ගෙන් කරාතේ සංදර්ශනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද සිසුන්ගෙන් කරාතේ සංදර්ශනයක්

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද සිසුන්ගෙන් කරාතේ සංදර්ශනයක්

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ කරාතේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් විද්‍යාලීය පරිශ්‍රයේ කරාතේ සංදර්ශනයක් පවත්වා තිබෙන අතර විද්‍යාලීය සහෝදර සිසු සිසුවියන්ගේ අවබෝධය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ එම විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා ඇතුළු කරාතේ ක්‍රීඩාව භාර ආචාර්ය ප්‍රදීප් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

ක්‍රීඩා භාර ආචාර්ය සෙන්සේ සුදත් නලින්දගේ මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේ මූලික ක්‍රමවේද, කාතා, කුම්තේ ආයුධ වලින් පහරදීමේදී ආරක්ෂා වන ක්‍රමවේද, විශේෂිත පා පහරවල් ආදිය මෙම සංදර්ශනයේදී ඉදිරිපත් කෙරුණු අතර සෑම තරගාවලියටම පාහේ රන්, රිදී, ලෝකඩ පදක්කම් කිහිපයක් දිනා ගැනීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත විද්‍යාලයේ කරාතේ ක්‍රීඩා සංචිතය තව තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙම කරාතේ ක්‍රීඩා සංදර්ශනය පැවත්වූ බව සිසු සිසුවියන් අමතමින් විද්‍යාලයේ ක්‍රීඩා ලේකම් ඒ. ගුරුසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

views

304 Views

Comments

arrow-up