උත්තර පත්‍ර ගැටළුව ගැන අන්තිම තීරණය ගන්න සරසවි ඇදුරෝ තව පාරක් රැස් වෙති

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා විධායක සභා රැස්වීමක් පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙන බවත්, සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් අනිද්දා දිනයේ රැස් වන විධායක සභා රැස්වීමේ දී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව චාරුදත්‍ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර සිටින අතර සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ නම් සති දෙකක් තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරීමට හැකියාව පවතින බව චාරුදත්‍ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
331 Views
Comments