මැයි දිනය වෙනුවෙන් කොළඹට විශේෂ ආරක්ෂාවක්

හෙට (01) දිනයේදී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
කොළඹ, නුගේගොඩ, හැටන් සහ මහනුවර යන ප්‍රදේශ වල මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටී.
ඒ අනුව ඉහත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය මෙන්ම ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් සහ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර කොළඹ නගරයේ පැවැත්වෙන මැයි රැළි සහ මැයි පෙළපාළි සඳහා පොලිස් නිලධාරීන් 3500 ක් රාජකාරියේ යොදවා ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
292 Views
Comments