වෙසක් දා නිවෙස් තුනක් බින්ද සිද්ධියකට වනාතවිල්ලුවේදී සැකකරුවෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

වෙසක් දා නිවෙස් තුනක් බින්ද සිද්ධියකට වනාතවිල්ලුවේදී සැකකරුවෙක් දැලේ

වෙසක් දා නිවෙස් තුනක් බින්ද සිද්ධියකට වනාතවිල්ලුවේදී සැකකරුවෙක් දැලේ

නිවාස තුනක් බිඳ රුපියල් 1,721,500 මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව, මුන්දලම සහ මහකුඹුක්කඩවල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

ඉකුත් පස් වැනි දා, එනම් වෙසක් පොහොය දින රාත්‍රී කාලයේ මෙම සොරකම් සියල්ල සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.

 

සොරකම් සිදුවන අවස්ථාවන් වලදී නිවෙස් හිමියන් වෙසක් නැරඹීම සඳහා තම නිවෙස්වලින් බැහැරව ගොස් සිට ඇති බව සඳහන් වේ.

 

මෙහිදී එක් සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

views

238 Views

Comments

arrow-up