දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට තවදුරටත් නායයෑමේ අනතුරු සංඥා

පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5 ක් සඳහා නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ ඇල්පිටිය සහ යක්කලමුල්ල ප්‍රදේශ සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශයන්ට සහ මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රදේශයටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමු ප්‍රදේශ සඳහා ද නායයෑම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
363 Views
Comments