ජෙරම් ප්‍රනාන්දු අද දිනයේ දිවයිනට පැමිණෙන බවට වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ජෙරම් ප්‍රනාන්දු අද දිනයේ දිවයිනට පැමිණෙන බවට වාර්තා වෙයි

ජෙරම් ප්‍රනාන්දු අද දිනයේ දිවයිනට පැමිණෙන බවට වාර්තා වෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දිනයේ දිවයිනට පැමිණෙන බවට වාර්තා වුවද ඒ පිළිබද මේ වනතෙක් නිල තොරතුරක් ලැබී නැති බව පොලීසිය පවසයි.

 

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විවිධ ස්ථානවල සම්මන්ත්‍රණ පවත්වමින් බුදුන් වහන්නසේට මෙන්ම වෙනත් ආගම්වලට නිගරුවන අන්දමින් ප්‍රකාශ නිකුත් කර ආගමික සංහිදියාවට බලපෑම් එල්ල කිරීමේ ප්‍රකාශ සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

 

ඊට එරෙහි වූ විවිධ පාර්ශ්ව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

 

එමෙන්ම ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

 

ඔහු අද දිනයේ කටුණායක මිරකල් ඩෝම් ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙය අවලංගු කර එය වෙනත් ස්ථානයක සූම් තාක්ෂණය යොදා ගනිමින් පවත්වන බව තිබෙන බවත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

 

views

237 Views

Comments

arrow-up