MAY
15
පාලන මිල ඉක්මවා බිත්තර විකිණු වෙළඳුන්ට දඩ

නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය සිදු කල වැටලීමකදී පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළඳුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි ස්ථාභාර නිලධාරී අමිල රත්නායක පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ පසු අධිකරණය මගින් සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් වූ දඩ නියම කළ බවයි.
පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවද නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.
232 Views
Comments