ශ්‍රී ලංකා ගුවන්සේවා ආරක්ෂක වැඩපිළිවෙළ ජාත්‍යන්තර ඇගයීමට

වරාය, නාවික හා ගුවන්සේවා අමත්‍යංශය පැවසුවේ ශ්‍රී ලංකා ගුවන්සේවා ආරක්ෂක වැඩපිළිවෙළ යළිත් වරක් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇති බවයි.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් සිදුකරන ලද ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ විගණනයකින් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගෙන ඇති බැවින් ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බව තහවුරු කර ඇති බව අමාත්‍යංශය පෙන්වා දී ඇත.
මේ මස 8 වනදා සිට 19 වැනදා දක්වා විගණනය පවත්වා ඇත.
විගණනය සඳහා සුදුසුකම් ලත් ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක විගණන පරීක්ෂකවරුන් සිව්දෙනෙකු මේ සඳහා සහභාගී වී තිබේ.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රගති සමාලෝචනය පැවැත්වුණි.
ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය පෙන්වා දුන්නේ ගුවන්සේවා ආරක්ෂාව ඉහළින් පවත්වාගෙන යනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වීම තුළින් තවදුරටත් විදේශීය ගුවන් සමාගම් මෙරටට සිය ගමන්වාර ක්‍රියාත්මක කරවීමට අවස්ථාව ලබා දෙන බවයි.
245 Views
Comments