ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙක් මරුට

ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙක් මරුට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. - 605 දරන ගුවන් යානය මෙල්බර්න් නුවරින් ගුවන්ගතවී මද වේලාවකට පසුව මෙම මගියා මියගොස් ඇති අතර එම අවස්ථාවේ යානය මෙල්බර්න් බලා හරවා නොගොස් කටුනායක බලා පියාසර කරවීමට නියමුවන් කටයුතු කර ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 75 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකි.
 

views

332 Views

Comments

arrow-up