යුවළක් පැහැරගත් 6ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

යුවළක් පැහැරගත් 6ක් අත්අඩංගුවට

යුවළක් පැහැරගත් 6ක් අත්අඩංගුවට

මුදල් ආරවුලක් මත යුවළක් ත්‍රීරෝද රථයකින් පැහැරගෙන එමින් සිටි හයදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස පැහැරගෙන ඇත්තේ හැඳල සහ මාකොළ පදිංචි දෙදෙනෙකි.

 

මෙම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය විසින් මෙම වැටලීම සිදුකර තිබේ. 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වේළුවන සහ මරදාන යන ප්‍රදේශවල පදිංචි 22- 28 වයසේ පසුවන්නන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

views

223 Views

Comments

arrow-up