සබ්රි එලවන්න ඡන්දෙ දෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

සබ්රි එලවන්න ඡන්දෙ දෙනවා

සබ්රි එලවන්න ඡන්දෙ දෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් සිදු කර ඇති ක්‍රියාව තරයේ හෙලා දකින බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙනාවොත් තමා ඊට පක්ෂව කටයුතු කරන බව සඳහන් කළේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

 

විදේශ රාජ්‍ය අමුත්තන්, ජනාධිපති හා අගමැති වැනි තනතුරු සඳහා ප්‍රභූ පර්යන්ත වරප්‍රසාද ක්‍රියාත්මක වුනාට කමක් නැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

views

255 Views

Comments

arrow-up