රැඳවියෝ දහයක් සා.පෙළ ලියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

රැඳවියෝ දහයක් සා.පෙළ ලියයි

රැඳවියෝ දහයක් සා.පෙළ ලියයි

බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

 

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු මෙලෙස විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

 

මොවුන් වටරැක සහ මැගසින් යන බන්ධනාධනාගරාවල ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට මෙම විභාගයට පෙනී සිටීමට නියමිතය.

 

මෙම දස දෙනා අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ පුද්ගලයකු ද සිටින බව චන්දන ඒකනායක මහතා පැවසීය.

views

271 Views

Comments

arrow-up