2023 මැයි 09 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

2023 මැයි 09 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 09 -  අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න

 

01. මැයි මස මුල් සතියේ ඩෙංගු රෝගීන් 1800ක්

මැයි මාසයේ මුල් සතියේ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව සඳහන් වේ.

පුවත කියවන්න

https://aayubo.com/si/news/yboeN74750b

 

02. රජයේ රෝහල් වල ගෙවන වාට්ටු ඇරඹීමේ සැලසුමක්

මෙරට පුරවැසියන් රැසක් විවිධ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය වී සිටින හෙයින්, ඔවුන් පෞද්ගලිකව මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව සඳහන් කරමින්, රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය විසින් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

පුවත කියවන්න

https://aayubo.com/si/news/ayoeN74767b

 

 

03. කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පුවත කියවන්න

https://aayubo.com/si/news/auoeN74751a

 

04. ෆවුසි පක්ෂයෙන් දොට්ට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා එම පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

පුවත කියවන්න

https://aayubo.com/si/politics/uonwN74753a

 

05. ඡන්දය ඉල්ලා අසරණ වූ රජයේ සේවකයින් අද සිට යළි සේවයේ

2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන්  රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා වූ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පුවත කියවන්න

https://aayubo.com/si/news/ayesN74769w

 

06. ශ්‍රී ලංකන් කොටස් විකිණීම සඳහා අයදුම්පත් කැඳවේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් විකිණීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ අයදුම්පත් කැඳවන බව එක්සත් අරාබි එමීරයේ, පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෝල් මහතා සඳහන් කර සිටී.

පුවත කියවන්න

https://aayubo.com/si/news/yuesN74780u

 

07. හෙට සිදු වන ප්‍රබල සුළි කුණාටුවක් ගැන රතු නිවේදන

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වන විට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

පුවත කියවන්න

https://aayubo.com/si/news/ayueN74825b

 

08. මාස හතරක් තුළ මෙරටින් මී උණ රෝගීන් 2800ක්

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මේ උණ රෝගීන් 2800 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කර සිටී.

පුවත කියවන්න

https://aayubo.com/si/news/ybnwN74826s

 

09. දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වරති

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

පුවත කියවන්න

https://aayubo.com/si/news/bnwsN74837u

 

10. අක්ෂි සැත්කම් ගැටළුව ගැන විශේෂ ප්‍රකාශයක්

නුවරඑළිය මහ රෝහලේ ඇති වූ අක්ෂි ශල්‍යකර්ම සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසා ඇත.

පුවත කියවන්න

https://aayubo.com/si/news/ayowN74844s

 

views

1432 Views

Comments

arrow-up