හෙට සිදු වන ප්‍රබල සුළි කුණාටුවක් ගැන රතු නිවේදන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

හෙට සිදු වන ප්‍රබල සුළි කුණාටුවක් ගැන රතු නිවේදන

හෙට සිදු වන ප්‍රබල සුළි කුණාටුවක් ගැන රතු නිවේදන

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වන විට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

 

මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

 

ඒ අනුව ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවට නිවේදනය කර සිටී.

 

ඒ අනුව ගිනිකොණදිග බෙංගාලබොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට සැලකිලිමත් වන ලෙස දන්වා සිටී.

views

258 Views

Comments

arrow-up