තනතුර බේරගන්න ඩයනාගෙන් උත්සහයක්

සිය පාර්ලිමේන්තු ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයගා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියෝග කර තිබේ. ඒ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වැනි සංශෝධනයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රී ධූරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කරන අතර එම තීරණයට එළඹීමට පෙර කිසිදු විනය පරීක්ෂණයක් සිදු නොකළ බවද ඇය පෙන්වා දී තිබේ.
296 Views
Comments