විශ්ව විද්‍යාල ඇදුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකි බව බන්දුල ස්ථිරවම කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වී ඇති බැවින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටී.
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වී අදට මසකට අධික කාලයක් වන බව සඳහන් වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුමක් ලබාදීමට නොහැකි බවයි.
304 Views
Comments