පොලිසියේ ලොකු පුටු දෙකකට ස්ථාන මාරු

බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර ඇත.
මෙතෙක් ඔහු කටයුතු කර ඇත්තේ රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ U. P. A. D. K. P. කරුණානායක මහතා, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.
322 Views
Comments