මහ බැංකුවේ සේප්පුවක තිබූ ලක්ෂ 50ක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

මහ බැංකුවේ සේප්පුවක තිබූ ලක්ෂ 50ක් අතුරුදන්

මහ බැංකුවේ සේප්පුවක තිබූ ලක්ෂ 50ක් අතුරුදන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවක තිබුණු ලක්ෂ 50 ක පමණ මුදලක් අස්ථානගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසා සිටී.

 

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙක් කොටුව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට අද (11) දහවල් පැමිණ ඇති අතර, පසුව අදහස වෙනස් කොට තවදුරටත් පරීක්ෂා කර බලා එන බව පවසමින් ආපහු ගොස් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

බැංකුවේ ආරක්ෂක අංශ සහ කොටුව පොලිසිය එක්ව සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

views

236 Views

Comments

arrow-up