තවත් ඉන්දියන් බිත්තර තොගයක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

තවත් ඉන්දියන් බිත්තර තොගයක් දිවයිනට

තවත් ඉන්දියන් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රීයේ දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

 

මේ වන විට බිත්තර මිලියන 04 ක් ආනයනය කර ඇති බවත්, බිත්තර මිලියන 2 ක ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා පළමු වරට ආනයනය කෙරුණු බවත්, දින 4 කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරුණු බවත් එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේය.

 

එම බිත්තර තොගය මේ වනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඊයේ රාත්‍රිරීයේ ආනයනය කෙරෙණු බිත්තර අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බවත් ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

 

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

views

305 Views

Comments

arrow-up