අද තෙල් බෙදන විදිහ ගැන ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

අද තෙල් බෙදන විදිහ ගැන ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

අද තෙල් බෙදන විදිහ ගැන ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට නියමිතය.

 

එසේම, අනෙක් සියලුම නිලධාරීන් සේවයට වහාම වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරීත්වය මෙම නිවේදනය මගින් නොඉයෝග කොට තිබේ.

views

263 Views

Comments

arrow-up