පාසල් පෙළ පොත් බෙදා දීම හෙට සිට

පාසල් පෙළ පොත් බ්‍රහස්පතින්දා (23) සිට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇත.
මීට අමතරව පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියරද බ්‍රහස්පතින්දා (23) දින ආරම්භ වනු ඇති අතර එහිදී ලක්ෂ 41 ක් පමණ වන පාසල් සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා නිල ඇඳුම් ලබා දීම සිදු කෙරෙනු ඇත.
චීන රජය විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය සමග මෙම වැඩසටහනේ පළමු අදියර මගින් සිසුන් 70% කට පාසල් නිල ඇඳුම් සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා දුන් අතර එහි දෙවන අදියරේ කටයුතු සහ පෙළ පොත් බෙදාදීම අප්‍රේල් නිවාඩුවට පෙර අවසන් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
279 Views
Comments