කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක්

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක්

මේ වන විට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව සිදුකරන උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

 

විරෝධතාවයට අදාලව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද දින විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

මහජනතාවට පීඩාවක් නොවන සේ උද්ඝෝෂණ සිදු කරන ලෙසත්, රාජ්‍ය දේපළ වලට අලාභ හානි සිදු නොකරන ලෙසත්, අවහිර සිදුවන පරිදි කොළඹ මාර්ග කිහිපයක ගමන් කිරීම අත්හිටුවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී විරෝධතාකරුවන්ට නියෝග කර තිබේ.

 

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමුවදොර වටරවුම සිට NSA වටරවුම දක්වාත්, ගාලුපාර දක්වාත් ඇති මාර්ගය අවහිර නොකරන ලෙස මෙම නියෝගය කර ඇති බව සඳහන් වේ.

views

282 Views

Comments

arrow-up