MAR
29
පුත්තලමේ රක්ෂණ සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කරන්න ගොස් අනාගනී

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කරන අතර එම සැකකරුන් ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ.
පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
253 Views
Comments