මෙවර වෙසක් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම්

වෙසක් උත්සවය චක්‍රලේඛ වලට සීමා නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා පැවසූ බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය පවසා සිටී.
ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජිත හිමිවරු සහ බෞද්ධ සංවිධාන ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ වෙසක් උත්සවය පිළිබඳ ඊයේ (10) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙන බව සඳහන් වේ.
වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට මඟපෙන්වීම් වැඩසටහනක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටි බව සඳහන් වේ.
ලොවට බුදු දහම ගෙන යාමේ ධර්මදූත ව්‍යාපාරය නව පරිවර්තනයකට යොමු කළ හැකි අවස්ථාවක් හා ඒකාබද්ධව අත්වැල් බැඳ ගැනීමටත්, සැලැස්මකට අනුව කටයුතු කිරීමටත් අවශ්‍ය බව එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
268 Views
Comments