බේරුවල ධීවර වරායේදී මුහුදට වැටුණු දැරියක් අනූ නවයෙන් දිවි ගලවා ගනී

මාළු මිලදී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමග පැමිණි 12 හැවිරිදි දැරියක් වරාය ජැටියෙන් මුහුදට වැටී ඇති බව වාර්තා වේ.
පසුව ධීවරයෙකු විසින් ඇයව මුදාගෙන තිබේ.
අද (11) උදෑසන මෙම දැරිය මාළු මිලදී ගැනීමට පැමිණ තිබූ අතර, එහි තිබූ අධික තෙරපුම හේතුවෙන් දැරිය මෙලෙස මුහුදට වැටී ඇත.
එකවරම බෝට්ටුවක සිටි ධීවරයකු ඇය මුහුදට වැටෙන අයුරු දැක, මුහුදට පැන දැරියගේ ජීවිතය බේරා ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම මුහුදු ප්‍රදේශය අඩි තිහක පමණ ගැඹුරකින් යුතු අතර, වෙනත් දිනවල මෙහි ධීවර යාත්‍රා විශාල වශයෙන් එකකට එකක් ළං වන සේ ගාල් කර පවතින නමුත් අද (11) දිනයේ දී එලෙස ධීවර යාත්‍රා ලං ලංව නැංගුරම් ලා නොතිබූ බවද සඳහන් වේ.
එසේ වූයේ නම් මෙම දැරිය ගොඩ ගැනීමට අපහසුවන බව පොලිසිය සඳහන් කර සිටී.
235 Views
Comments