APR
11
බූරු මූණාට උදවු කළ තවත් හතරකට වැඩ වරදී

පාතාල වෙඩික්කරුවෙකු වන රවිඳු සංඛ හෙවත් බූරු මූණාට කටුනායක ගුවන්තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට ආධාර අනුබල ලබා දීම සහ රැකවරණය සැලසීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තවත් සැකකරුවන් හතරදෙනෙකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවට අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔවුන් මේ මස 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
සිද්දියට අදාළව භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඉන් සිව්දෙනෙකුට පසුගියදා ඇප ලබාදෙන ලදී.
271 Views
Comments