රන් මාලයක් යැයි රැවටී ඉමිටේෂන් මාලයක් කැඩූ පොලිස් සැරයන් බත්තරමුල්ලේදී දැලේ

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මෙම සැරයන්වරයා කුරුඳුවත්ත පොලිසියට අනියුක්තව රාජකාරි කරන අයෙකු බව සඳහන් වේ.
මොහු ඊයේ (10) සවස පොලිස් පොතේ පිටව යාමේ සටහන් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස්, බත්තරමුල්ල ප්‍රදේශයේ දී කාන්තාවක ගේ රන්මාලය කොල්ල කා ඇති අතර එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනකු විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැරයන්වරයා සහ රන්මාලය පොලිසියට ගෙන ගොස් පරික්ෂා කිරීමේදී, එය ඉමිටේෂන් එකක් බවට තහවුරු වී ඇති බව පොලිසිය පවසා සිටී.
253 Views
Comments