මේ දිනවල පවතින අධික උෂ්ණත්වයට හේතු මෙන්න

ශ්‍රී ලංකාව මේ දිනවල අත්විඳින අධික උෂ්ණත්වයට ප්‍රධාන හේතුව සූර්යයාගෙන් නිකුත් වන විකිරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ වලාකුළු සහ සුළං අඩුවීම ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළ යාමට තවත් හේතුවක් වී ඇති බවයි.
අවුරුද්දේ මෙම කාලයේදී මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක් බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වැඩි වේලාවක් හිරු එළියේ රැඳී සිටීමේදී තාපය වැඩි වීම නිසා හිසේ කැක්කුම සහ උෂ්ණ විඩාව ඇති විය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ මැයි මස මැද වනතුරු මෙම උණුසුම පැවතිය හැකිය.
ඊයේ දිනයේදී ප්‍රදේශ කිහිපයක උපරිම උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවති අතර පොළොන්නරුවෙන් සෙල්සියස් අංශක 36.6 ක්, වව්නියාවෙන් සෙල්සියස් අංශක 35 ක්, අනුරාධපුයෙන් 34 ක්, හම්බන්තොට 33.8 ක් සහ මොණරාගල 33.9 ක් ලෙස වාර්තා වී ඇත.
318 Views
Comments