"අපේ සත්තු මසට විකුණන්නේ නැහැ" ඇමති බන්දුල කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

"අපේ සත්තු මසට විකුණන්නේ නැහැ" ඇමති බන්දුල කියයි

"අපේ සත්තු මසට විකුණන්නේ නැහැ" ඇමති බන්දුල කියයි

මෙරට සත්ත්වයින් මස් පිණිස වෙනත් රටවල් වලට යැවීමේ කිසිදු වැඩපිළිවෙළකට රජය එකඟ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

 

 

රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත යැවීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර තිබේ.

 

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි 2022 ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා භෝග වර්ග 28 ක් රිලවුන් විනාශ කර ඇති අතර එම හානිය රුපියල් මිලියන 30000 ක් පමණ වේ.

 

 

මේ අතර විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ රිලවුන් පමණක් නොව වගාවට දැඩි ලෙස හානි සිදු කරන මොණරුන්, වල් ඌරන්, ඉත්තෑවන් සහ දඬු ලේනන් ද රට යැවීම සඳහා යෝජනා කරන බවයි.

views

318 Views

Comments

arrow-up