මුහුදේ ගසාගෙන සිය කුඩා සාමණේර හිමියන් බේරාගත් මොරගල්ල වෙරළේ වීරයෝ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

මුහුදේ ගසාගෙන සිය කුඩා සාමණේර හිමියන් බේරාගත් මොරගල්ල වෙරළේ වීරයෝ

මුහුදේ ගසාගෙන සිය කුඩා සාමණේර හිමියන් බේරාගත් මොරගල්ල වෙරළේ වීරයෝ

මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන වයස අවුරුදු 12 ක පමණ කුඩා සාමණේර හිමිනමක් මොරගල්ල මුහුදේ දියනෑමට ගොස් රළපහරකට හසුව ගසාගෙන යමින් සිටියදී කළුවාමෝදර සහ අලුත්ගම ජීවිතාරක්ෂක කණ්ඩායමේ තරුණයින් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව වාර්තා වේ.

 

එම සාමණේර හිමිනම තවත් සාමණේර හිමිවරුන් කිහිපදෙනෙකු සමග මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරළේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත්, රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටි සාමණේර හිමියන් ගල්පරයක වැදී තුවාල සිදුවී ඇති බවද වාර්තා වේ.

views

237 Views

Comments

arrow-up