ඊශ්‍රායල - ශ්‍රී ලංකා ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ඊශ්‍රායල - ශ්‍රී ලංකා ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කෙරේ

ඊශ්‍රායල - ශ්‍රී ලංකා ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කෙරේ

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම වසර 20 කට පසු සංශෝධනය කිරීම සඳහා වන සන්ධාන පත්‍රයට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

 

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර ඇත.

 

 

ඒ අනුව අදාල සන්ධාන පත්‍රයට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට බලය පැවරෙනු ඇත.

 

 

මීට පෙර 2003 වසරේදී දෙරට අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇත්තේ 2016 දීය.

views

282 Views

Comments

arrow-up