වැඩි මිලට බිත්තර විකිණූ වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ ලේකම්ට වැඩ වරදී

පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් මත, වැඩි මිලට බිත්තර අලෙවි කළ බව කියන මාවතගම පිලැස්ස, උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බිත්තර අලෙවිසැලක් අද වටලන ලදී.
වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි බණ්ඩාර අලහකෝන් මහතාට අයත් මෙම අලෙවිසැලේ රුපියල් 55 ක මිලක් අය කරමින් බිත්තර විකුණන බවට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා බිත්තර හැටක් මිලදී ගනිමින් මෙම වංචාව අතටම අල්ලාගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රත්නසිරි බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.
223 Views
Comments