ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ කාර්යාල ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් හෙළි වේ

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැගිල්ලක් සඳහා බදු කුලී වශයෙන් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් දෙකෝටි අනූනව ලක්ෂ තිස්හත්දහස් අටසිය හැට හතක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව හෙළිව තිබේ.
ජාතික විගණන කාර්යාලය පවසන ආකාරයට කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාමේ අරමුණින් 2016 දෙසැම්බර් මස 01 දා සිට 2017 නොවැම්බර් 30 දක්වා වසරක කාලයකට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන ඇති අතර, එම ගිවිසුම දීර්ඝ කිරීමකින් තොරව, කාර්යාලය එහි පවත්වාගෙන යමින් රජයේ තක්සේරු වටිනාකමට වඩා ඉහළ මෙවැනි මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව බදු පදනම මත මෙම ගොඩනැගිල්ල ලබාගත් බවත්, බදු ගිවිසුම අවසන් වීමෙන් පසු වෙනත් ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වීම නිසා කොමිෂන් සභාවේ තීරණය පරිදි 5% ක වැඩිවීමක් සමග ගෙවීම් කොට ඇති බවත් කොමිෂන් සභාවේ කළමනාකාරීත්වය සඳහන් කොට ඇති අතර, කුලී පදනම මත ගොඩනැගිල්ලක් සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් මෙම ගොඩනැගිල්ලේම තවත් වසරක් සඳහා විධිමත් බදු ගිවිසුමක් යටතේ කාර්යාලය පවත්වාගෙන යාමට, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇති බවත් වාර්තා වේ.
307 Views
Comments