ජීප් රියක කුණුහරුප ලියා ජාඇල පොලිසියේ පරීක්ෂකවරයෙක් අතුරුදන් වෙයි

ජාඇල පොලිස් ස්ථානයේ ගරාජය තුළ නතර කර තිබූ පොලිස් ජීප් රථයක අසභ්‍ය වචන ලියූ බවට සැක කෙරෙන එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට රාජකාරියට වාර්තා නොකර සැඟව සිටින බවද වාර්තා වන අතර, ජාඇල පොලිසියේ නිලධාරීන් ගණනාවකගේ ඇඟිලි සළකුණු සහ ජීප් රථයේ තිබූ ඇඟිලි සළකුණු සසඳා බැලීමෙන්, සැකකාර පොලිස් පරීක්ෂකවරයා පිළිබඳ හෙළි කොටගෙන තිබේ.
එම පරීක්ෂකවරයා මෙම කාර්යය සඳහා කිසියම් උල් ආයුධයක් උපයෝගී කරගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව ද වාර්තා වේ.
240 Views
Comments