ජූලි මාසය වන විට සියළුම ආගමික ස්ථාන වලට සූර්ය පැනල සවිකෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ජූලි මාසය වන විට සියළුම ආගමික ස්ථාන වලට සූර්ය පැනල සවිකෙරේ

ජූලි මාසය වන විට සියළුම ආගමික ස්ථාන වලට සූර්ය පැනල සවිකෙරේ

ඉන්දීය රජයේ ආධාර මත ජූලි මස වන විට සියළුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සූර්ය බලයෙන් විදුලිය ලබාදීමට අදාලව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතල ලෙස ප්‍රශ්න පවතී නම් තමා වෙත දැනුම් දෙන ලෙසත්, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කර සිටී.

 

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළේය.

 

එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තොර දේශීය භෝග වගා කිරීම හා පරිභෝජනයට කාන්තා පාර්ශවය වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස ඔහු ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්ද මෑණියන් වහන්සේ ප්‍රමුඛ සිල්මාතාවරුන්ගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

 

එළඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතරින් හැකි පමණින් සරලව හා චාම් ලෙස මෙවැනි වැඩසටහන් සිදු කරන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

306 Views

Comments

arrow-up