ගොඩ එන්න නම් කළ යුතු දේ ගැන IMF නියෝජිතයෝ කියති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ගොඩ එන්න නම් කළ යුතු දේ ගැන IMF නියෝජිතයෝ කියති

ගොඩ එන්න නම් කළ යුතු දේ ගැන IMF නියෝජිතයෝ කියති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවැත්වුණු අතර, අතීතයේ සිදුවූ වැරදි පිළිබඳ සෙවීම පසෙක ලා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවට එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ප්‍රකාශ කරන ලදී.

 

ඔවුන් විසින් ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කළ අතර, මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන් බව වාර්තා වේ.

views

332 Views

Comments

arrow-up