බූන්දල වනෝද්‍යානයේදී ගවයින් මරා මස් කළ පිරිසක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

බූන්දල වනෝද්‍යානයේදී ගවයින් මරා මස් කළ පිරිසක් දැලේ

බූන්දල වනෝද්‍යානයේදී ගවයින් මරා මස් කළ පිරිසක් දැලේ

හම්බන්තොට බූන්දල වනෝද්‍යානයේ නිලධාරීන් 13 රාත්‍රියේ සිදු කරන ලද මුර සංචාරයක දී නීති විරෝධී අයුරින් ගව ඝාතනයේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන් දෙදෙනෙකු පළාගොස් ඇති බවද වාර්තා වේ.

 

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවියක් සහ පිහි දෙකක් වනජීවි නිලධාරීන් භාරයට ගෙන ඇත.

 

ගවහිමියන්ගේ ගව පට්ටි වල සිටින ගවයින් සොරකම් කර රැගෙන ගොස් මරා, මස් රැගෙන යාම මොවුන් විසින් කලක සිට සිදුකර ගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී ඇත.

views

249 Views

Comments

arrow-up