සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් අදත් වර්ජනයේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් අදත් රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්ති හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එක් දින වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 8.00 ට ආරම්භ වූ මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික හා රසායනාගාර කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසා සිටියි.
සෞඛ්‍ය ලේකම්වරයා අදාල වෘත්තිය සමිති සමග මෙම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී සාධනීය පිළිතුරක් නොලැබුණු බව ද සෞඛ්‍ය වෘත්තීය සමිති තවදුරටත් පවසා සිටී.
236 Views
Comments