ඇල්පිටියේදී පිහිණූම් තටාකයකට වැටී පුද්ගලයෙකු මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ඇල්පිටියේදී පිහිණූම් තටාකයකට වැටී පුද්ගලයෙකු මිය යයි

ඇල්පිටියේදී පිහිණූම් තටාකයකට වැටී පුද්ගලයෙකු මිය යයි

උපන්දින සාදයක් අතරතුර තරුණයෙකු පිහිනුම් තටාකයේ වැටී මියගොස් ඇති පුවතක් ඇල්පිටිය පොලිස් වසමෙන් වාර්තා වේ. ඇල්පිටිය පොලිස් වසමේ 09 කණුව, ඉගල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වී ඇත.

 

තරුණයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර එහි පැමිණි පිරිස බීමත්ව සිට ඇති අතර   ඔවුන්ගේ මිතුරෙකු ඔවුන් අසල නොසිටීම හේතුවෙන් අවට පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා පිහිනුම් තටාකයේ පාවෙන බවට දැක ගොඩට ගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. එහිදී මෙම පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසා සිටී.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිස් ස්ථානය පරික්‍ෂණ පවත්වාගෙන යනු ලබයි.

views

204 Views

Comments

arrow-up