අක්ෂි කාච ගෙන්වීම තවත් මාස හයකට කල් යයි

ඉදිරිපත් වී ඇති මිල ගණන් යටතේ අක්ෂි කාච ලබා දීමට නොහැකි බව සැපයුම්කරුවන් රජයේ රෝහල්වලට දැනුම් දී තිබේ. ඒ අනුව රජයේ රෝහල් වලට අවශ්‍ය අක්ෂි කාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය අනතුරු අඟවයි.
අක්ෂි කාච මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වසරකට පෙර ටෙන්ඩර කැඳවා තිබුණි. නමුත් ගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන්වලට අක්ෂි කාච සැපයිය නොහැකි බව සැපයුම්කරුවන් අමාත්‍යංශයට දැනුම් දී ඇත.
කෙසේ නමුත් ටෙන්ඩර්කරුවන් එසේ මිල සංශෝධනයක් ඉල්ලා සිටින්නේනම් ඒ සම්බන්ධව මහාභාණ්ඩාගාරය වෙත දැනුම් දීමක් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටී.
මෙය පහසු ක්‍රියාවක් නොවන බවත් මේ පිළිබඳව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අක්ෂි විශේෂඥ විද්‍යාතනය සමග සාකච්ජා කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ (වෛද්‍ය සැපයීම්) අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි.
333 Views
Comments