ත්‍රිපෝෂ ලබාදීම තවදුරටත් අඩාලයි

මෙරට ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණ කිහිපයකින් හෙළිව ඇත. මාස ගණනාවක සිට අවුරුදු 3 ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට බාධා මතුව තිබේ. ඒ, බඩඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ ගැටලුවක් හේතුවෙනි.
මේ පිළිබඳව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතාගෙන් විමසීමක් කළ අතර අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය 1% ට වඩා අඩු බඩ ඉරිඟු භාවිත කළ යුතු බවට වන නිර්දේශය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේය. තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ, එවැනි බඩඉරිඟු නිෂ්පාදන සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බව ය.
සභාපතිවරයා ප්‍රකාශ කළේ, පවතින ප්‍රතිශතයන් වෙනස් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුගතව මෙම වෙනස් කිරීම් සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
244 Views
Comments