භික්ෂු විරෝධය පාර්ලිමේන්තුවේ දොරකඩට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

භික්ෂු විරෝධය පාර්ලිමේන්තුවේ දොරකඩට

භික්ෂු විරෝධය පාර්ලිමේන්තුවේ දොරකඩට

09 වන පාර්ලිමේන්තුවේ සිවු වන සැසි වාරය අතරතුර භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවයක නිරතවෙමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස් කර ගන්නා ලෙසට බල කරමින් උන් වහන්සේලා මෙසේ විරෝධතාවයේ නිරත වන අතර පාර්ලිමේන්තුව වැටලීමේ සූදානමක් පිළිබඳව ද ආරංචි මාර්ග වාර්තා කර සිටී.

 

ඇතුල්කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් අද උදෑසන ඇරඹි මෙම විරෝධතා පා ගමන මේ වන විට පාර්ලිමේන්තුව අසලටම ලඟා වී ඇති අතර විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම්කාරී තත්වයක් හට ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

views

229 Views

Comments

arrow-up