කොළඹ වරාය නගරය ගැන වැදගත් යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වෙයි

අද (22) කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. ඒ අනුව පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරයේ අයෝජනය සඳහා අවසර ලබා දීමේ රෙගුලාසිය හා ඒ සඳහා අයකරන ගාස්තු පිළිබඳ යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇති.
වරාය නගර පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ, මේ අතර ඩොලර් බිලියන 2.5 ක පමණ වටිනාකමක් සහිත ආයෝජන වරාය නගරයේ ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් මේ වනවිට කැමැත්ත පළ කර බව යි. මේ වසර අවසන් වීමට පෙර වරාය නගරයේ මූලික ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතයි. වරාය නගර කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව ඉදිරියේදී ජනතාව වෙනුවෙන් එහි තවත් කොටස් කිහිපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ය. විපක්ෂ මන්ත්‍රීවරුන් අද දිනයේ පැවැත්වීමට ඉල්ලූ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාදය ලබාදීමට ආණ්ඩුව එකඟ වූයේ නැත.
192 Views
Comments