විදුලි බිල 250% කින් වැඩි වෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ අනුමැතිය විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමේ යෝජනාවට ලබා දී ඇත.
එහි සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොමිෂන් සභාව ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36% කින් වුවත් සෙසු සාමාජිකයින් තිදෙනා තම විරෝධය මැද ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66% කින් මිල ඉහළ නැංවීමේ යෝජනාවට අනුමැතිය පළ කර ඇති බවයි.
මෙම ගාස්තු නැංවීමත් සමග ඒකක 90 ට අඩුවෙන් පාරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි වීම 250% ක් දක්වා ඉහළ යන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
278 Views
Comments