දමිළ ප්‍රගතිශීලී සන්ධානය ඊයේ ඇමරිකානු තානාපතිනිය සමග 13 ගැන කතිකාවක

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජුලී චන් මහත්මිය මේ දින වල නුවර එළිය ප්‍රදේශයේ විශේෂ නිල සංචාරයක නියැලී සිටී.
එම මහත්මිය සමග දමිළ ප්‍රගතිශීලී සන්ධානය ඊයේ දින පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව එම සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
එම සාකච්ඡාවේදී කඳුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු නිවාස ගැටළුව ඇතුලු ආර්ථික ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රාධා ක්‍රිෂ්ණන් මහතා තව දුරටත් පවසා සිටියේය.
මෙම සාකච්ඡාවේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අතර, එයට තානාපතිවරියගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බවත්, එම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට තානාපතිනිය එකඟ වූ බවත්, රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.
218 Views
Comments