FEB
15
ගම්පොළ ATM යන්ත්‍රය කොල්ලකෑ 07 දෙනෙක් දැලේ

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ATM යන්ත්‍රය ගලවා එහි ඇති මුදල් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටී.
මෙම සැකකරුවන් සතුව තිබී ගිනිඅවියක් සහ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස භාරයට ගැනුණු ගිනිඅවිය අරගල සමයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතාගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ එහි තිබි සොරකම් කරන ලද ගිනිඅවිය බව අනාවරණය වී ඇත.
212 Views
Comments